පොරට පිස්සුhttp://raboninco.com/1uUqw
හලෝ ආයුෂ බොහෝ වේවා......! සියළුම මගේ යාලුවන්ට
අද කථා කරන්න යන්නේ පිස්සුවක් ගැන.
හත්තිලව්වයි ඒ පාරනං පොරට පිස්සු තද වෙලා වගේ
ඔව් අපි කථා කරමු පිස්සුව ගැන
අපි නොකිව්වට අපි හැමෝටම දැන හෝ නොදැන පොඩි හරි පිස්සු ගතියක් හැමෝම ලග තියනවා. මේක අපිට ටිකක් තේරෙන්න ගන්නේ වයස 20 ලැබුවායි පසුව අපි කරන සමහර වැඩ වලින් සමහරුන්ට වාහන පිස්සුවක් ගහනවා, සමහරුන්ට කෙල්ලෝ පිස්සුව ගහනවා, සමහරුන්ට මැර පිස්සුවක් ගහනවා, සමහරුන්ට මත්ද්‍රව්‍ය පිස්සුවක් ගහනවා මේ කාලේ තේරුම් ගන්න බැරි ගොඩාක් දේවල් අපේ ජීවිත අතරේ සිද්ධ වෙනවා. එකේ පොඩි ලල් එකකුත් තියනවා. එත් මේ කාලයේ වැරුද්ද නිසා ඒවා තේරුම් ගන්න එච්චර උනන්දුවක් මේ වයසේදීී අපි දක්වන්නේ නැහෑ ඉතින් පොඩි පොඩි ලෙඩත් දා ගන්නවා. මේ වයසේදි කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම ඉතින් මං කියන්නේ ලෙඩ නං දා ගන්න ඔනේ මොකද හැම ලෙඩකින්ම අපි මොනා හරි පොඩි දෙයක් හො ඉගෙන ගන්නවා.
අම්මලා තාත්තලා ගුරුවරු ගන්න ආතල් සේරම අරන් අපට කියනවා ඒවා කරන්න එපා මේවා කරන්න එපා ඇත්තටම මේක හරිද මගේ අදහස නම් මේක වැරදි. අපිත් ආසයි නේ ජීවිතේ අපට එන ප්‍රශ්න වලට තනියම මුහුණ දෙන්න ඉතින් ප්‍රශ්න වලට තනියම මුහුණ දෙන්නේ කොමද අපිව හැම දෙයකින්ම බය කරනවනේ. මේකෙන් ගොඩාක් ම බලපෑමට ලක් වෙන්නේ අපේ ගල්ස්ලා නේ. කරන හැම වැඩේටම තහන්චි දානවා අපේ නිදහස අපට නැති කරනවා ඉතින් ගෙදර පොඩි පොඩි ප්‍රශ්න කසු කුසු. දෙමව්පියෝ ගුරුවරු වැඩිහිටියෝ හොදට ප්‍රශ්න වලින් තෙම්පරාදු වෙලා ඉන්නේ එත් අපිට ප්‍රශ්නයක් ආවමම එකත් එයාලම විසදලා දෙනවා අනේ අර ළමයි මැටී මොල්ලු වෙනවා. අපේ ලොකයේ අපි හිරකාරයෝ වෙලා නේ ගොඩාක් අයට ක්ලාස් ගියත් අම්මා තත්තා පස්සෙන් එනවා කොහේ හරි ගියත් හැම වෙලේම කොල් කරනවා. කෑවද බිව්වද නෑවද ටෙයිලට් කී පාරක් ගියාද කියන එකේ ඉදලා හැමදේම එයාලා හොයලා බලනවා. ඇත්තටම මේක හෙනම හෙන වදයක් නේද.
පොඩ්ඩක් හිතලා බලන්න මේ ෆීලින් එක ඔයත් විදලා ඇති සමහර විට ඔයා දැන් මේ ෆීලින් එක විදිනවා ඇති මේ හැමදෙයක්ම ඔයාලා ඉවසගෙන දාරාගෙන විදවගෙන පසු තැවී තැවී ජීවත් වෙනවා ඇති නේ. ඇයි අපි එහෙම ඉන්නේ මේ ඇවිත් තියෙන්නේ අපේ කාලය අපි දැන ගන්න ඔනේ අපේ නිදහස අපේ ජීවිතය එන්ජෝයි කරන්න. එකයි ක්‍රමය එකයි අලුත් සිස්ටම් එක සිස්ටම් වෙනස් කරන්න ජන්දයක් එනකං මනාප දිලා අපේක්ෂකයෝ පත් කළත් මේ දේ කර ගන්න බෑ මේක ඔයාගේ ජීවිතය ඔයා ඔයාගේ හැගීම් හංගන් ඉන්නේ නැතිව ඒක කියන්න ඔනේ එතකොටයි එයාලා දැන ගන්නේ ආ අපේ ළමයා දැන් ලොකු ළමයෙක් එයාට දැන් හිතලා වැඩක් කරගන්න පුළුවන් කියලා. මේ දේ ඔයා අදම කරන්න ඔනේ ඔය අපායෙන් එලියට එන්න නං ඔයාගේ හැම දෙයක්ම දුක සතුට දෙමව්පියෝ වැඩිහිටි ගුරුවරුත් එක්ක කියන්න ඔනේ. එහෙමයි අපි තමන්ට ලැබෙන පිඩනයෙන් ගැලවෙන්නේ එහෙම නැත්නං තරුණ වියේදී ඔයාට ඒ පිඩනයත් එක්ක තව ජොබ් එකක් කරලා සල්ලි හොයද්දි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි සෙට් උනාම බ්‍රේක් කරගන්නේ නැතිව සම්බන්ධතාවය පවත්වාගෙන යද්දී ගෙවල් දොරවල් හදද්දී වාහන ගද්දී සල්ලි ඔයාලග තිබිලා වියදම් වෙද්දී ලමයි ඉන්නකොට මේ පිඩනය ඔයාට දරා ගන්න ශක්තිය නැතිව යනවා මොකද ඔයා පළවෙනි ටෙස්ට් එකෙන්ම ෆේල් ඔයාට හයියක් නෑ ශක්තියක් නෑ පිරිමි ළමයෙක් උනාට ඔයා ගැහැණු ළමයෙක් වගේ හැසිරෙන්නේ කථා කරන්නේ එතකොට ඔයාට සමාජයේ පිළි ගැණීමකුත් නෑ මේ කාලයේදී දැන් අපිට තහනම් එපා කියන දේවල් කරන එක ෆැෂන් එකක් වෙලා හැබැයි පරිස්සමේන් මේ ගමන යන්න ඔනේ මෙච්චර කල් ඔයාගේ හැම දෙයක්ම බැලුවේ ඔයාගේ වැඩිහිටියෝ ගුරුවරු දෙමව්පියෝ උනත් දැන් ඔයා මේ සමාජයේ පිළිගන්න ගරු කරන චරිතයක් වෙලා ඉවරයි. ඔයා හොද ජොබ් එකක් කරලා ගෙයක් හදලා කසාදයක් බැදගෙන ළමයි හදලා ඒ ළමයි ලොකුවෙලා එයාලගෙත් ළමයි බලන්න පුළුවන් වෙන්නේ මේ කාලයේ ඔයා ගන්න වැදගත් තීරණ වලින්.
ඉස්සරනං ඔයාට කන විදිහ නිදා ගන්න හැටි අදින පළදින හැටි කියලා දෙන්න ඔයාගේ තාත්තයි අම්මයි ඉන්නවා ඒත් දරුවෝ මේ කාලයේදි ඔයාට ඒ හැම දෙයක්ම තනියම හිතලා තනියම තීරණය කරලාතමයි කරන්න වෙන්නේ. මං කිව්වනේ වැඩේ ලේසී නෑ එත් ආමාරුයි කියලා අපිට මේ ක්‍රමෙන් මග අරින්නත් බෑ. ජීවත් වන හැමෝටම මිනිස්සුන්ට ප්‍රශ්න තියනවා ප්‍රශ්න වලට බොන එකවත් එහෙම නැත්නම් කඩ්ටඩි හොයන් දෙවාළ පන්සල් ගානේ යන එක ශත්තිමත් මිනිස්සු කරන දෙයක් නෙවෙයි මං කලිනුත් කිව්වනේ තමන්ගේ ගෙදර තමන්ට තියන පීඩනය කියා ගන්න බැරිව විදව විදව ඉන්න අය කසාද බැන්දම මුහුණ දෙන අද්දැකීමක් තමයි මේක එයාලා හැම වෙළෙම ක්‍රියා කරන්නේ තවත් කෙනෙක්ට ගොදුරු කරගන්න පුළුවන් විදිහට ඇතැම් අය පිස්සු හදා ගන්නවා සමහර අය ජීවිතේ නැති කර ගන්නවා සමහර අය මහණ වෙනවා. මේ වගේ විවිධ ක්‍රම වලින් මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න කටයුතු කරනවා.
එත් ඇත්තටම වෙන්න ඔනේ ඔයා ඒ ප්‍රශ්නයට මුහුණ දිලා සාර්ථකව එක ඉවර කරලා තවත් ප්‍රශ්නයක් ආවොත් එකටත් මුහුුණ දිලා එකත් ජයගෙන ඉදිරියට ඉදිරියට ඉදිරියට ජීවිතේ තියනකං ඉදිරියට ගමන් කරන එක ඒකට ඔයාට ඔයා විතරයි මේ ගේම් එකේදි ඉන්නේ මතක තියා ගන්න අමතක නං ලියාලා තියාගන්න. ප්‍රශ්න කියන්නේ දෙවියන්ගේ දඩුවමක් නෙවෙයි ඒක ආශිර්වාදයක් කර ගන්න දැන් ඔයාට වයස 20 යි මුලින්ම ඔයා ඔයාගේ හැම දුකක්ම සතුටක්ම ඔයාගේ අම්මා තාත්තා එක්ක කියන්න ඔනේ කාවදාවත් එයාලට ඔයාට උදව් කරන්න දෙන්න එපා ඔයා එයාලගනේ ඇත් වෙලා තනියම තමන්ගේ ජීවිතේ ගොඩ දා ගන්න ඔනේ. එහෙම උනාම තමයි ඔයාට පුළුවන් වෙන්නේ ඉස්සරහට තියන ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න දෙමව්පියෝ වැඩිහිටියෝ ගුරුවරුත් දැන ගන්න ඔනේ තමන්ගේ ළමයා දරුවා කෙල්ල හෝ කොල්ලා දැන් තනියම තීරණ ගන්න වයස ඇවිල්ලා තනියම වැඩ කරගන්න වයස ඇවිල්ලා එයාලව ඈත් කරලා තනියම වැඩ කරගන්න දෙන්න. මේ කාලය තිරණාත්මක වගේම සුන්දරම කාලයක් වෙනවා ලවු කරන්න සිගරට් එකක් ගහලා ඉදලා හිටලා අම්මලට හොරෙන් පොඩි ෂොට් එකක් දාන් (බියර් වයින් බ්‍රැන්ඩි විස්කි) වලියක් දෙකක් දා ගන්න කොල්ලෝ එක්ක කෙල්ලෝ එක්ක ට්‍රිප් යන්න යන ආතල් කාලයක් නිකන් ඔහේ ගෙවිලා යන්න දෙන්න එපා. ඒ කාලය හැමදාම නෑ ඔයා යෞවන අවදිය පහු කරාම එන්නේ තරුණ කාලේ එතකොට ඔයාට ප්‍රශ්න වැඩියි වගකීම් වැඩියි. ඒ කාලේ ගත්ත ආතල් සිහි කර කර ජීවිතේ ගොඩ දාන් ආතල් එකේ ඉන්න කාලය වයසට ගියාම ඉතින් වලට කලින් කරන දේවල් කර ගන්න ඕනේ බ්‍රෝ ඇන්ඩ් සිස්. මොකද කවුද දන්නේ එන ආත්මේ අපි බල්ලෙක් උනොත් ජීවිතේම යටත් වෙලා තමයි ඉන්න වෙන්නේ.
ඉතින් ආතල් හැමදාම නෑ 20 ඉදන් 25 වෙනකන් ඒ කාලය ඔයා ඔයාගේ ජීවිතේ විදින්න විදවන්න නෙවෙයි විදින්න උපරිම එන්ජොයි කරන්න වැය කරන්න.
එහෙනං අපි කැපුනා.........


0 Comments