![]() |
| 2021 |
අවුරුද්ද කොහොමද ජයග්‍රාහි විදිහට දිගටම පවත්වාගෙන යන්නේ
I. කොතනින් හරි ස්ටාට් එකක් ගන්න ඒක ශක්තිමත් එකක් වෙන්නත් පුළුවන් දුර්වල එකක් වෙන්නත් පුළුවන් පටන් ගැම්මයි වැදගත්, පටන් ගැම්ම
II. මුලින්ම හොද බැංකුවකට ගිහින් ගිණුමක් පටන් ගන්න අවුරුද්දෙම එකට මාසයකම 1000 ගානේ දාන්න දෙසැම්බර් වෙද්දි 2022 කට ඔයාට 360,000 වගේ එකතු වෙලා ඇති ඒක සල්ලි හොයන්න පුළුවන් වර්ධනය වන ක්‍රමයකට වියදම් කරන්න. සමහර විට ඔයාගේ කෝටී ප්‍රකොටි පති කරන මන්තරය මේක වෙන්න පුළුවන්. පූජා වට්ටි තියන් දේවාළ ගානේ යන්න ලැහැස්ති වෙන්න එපා පන්සල් ගානේ ගිහින් බුදු පිළිම ඉස්සරහ ටිකට් මාළ (සුයිප්) තියන්න ලැහැස්ති වෙන්න එපා මේක තමයි ෂොට් කට් එක ලේසි නෑ හැබැයි ට්‍රයි කලොත් අනිවා දිනුම්
III01 කොල්ලෝ කුකුල්ලු හදන අය පොඩියට පටන් ගන්න මහා පරිමාණ කර්මාන්ත කරන්න ලැහැස්ති වෙන්න එපා ණය වෙලා අතේ තියන ගානට කුකුළ්ලු අරන් පොඩි කුඩුවක දෙන්නේක් හදන්න මසට වික්කා අනිවා 3000 දාහක් එනවනේ ගත්‍තා තව 100 ක් දැන් බිත්තරත් විකුණන්න කුකුල්ලුත් හොටල් වලට දාන්න දැන් හොද ගානක් එනවා ගත්තා බයික් එකක් හදා ගත්තා පෙට්ටියක් කඩවල් වලට බිත්තර දානවා. අද පොඩියට පටන් ගන්න හෙට වෙද්දී කුකුල් ෆාම් එකක් දාන්න තරම් ඔයා දැන් පොසත්.
IV. 02 එළුවෙක් හදන්න එළකිරි විකුණන්න හොද සරුසාර වෙලද පලක් හොයා ගන්න මුලින්ම අදායමයි වියදමයි ගණනය කරන්න වැඩේ පටන් ගන්න පාඩුයි කරදරයි එත් හිතලා එළකිරි වලින් මොනවා හරි නිෂ්පාදනයක් හැදුවොත් (කිරිටොපි) මොකක් හරි අලුත් දෙයක් කිරි විකුණනවට වඩා හොද ආදායමකට ඔයාට යන්න පුළුවන්. කොළ හෙයන්න වදේ විකල්පයක් හෙයන්න පිටරට අය කොස් කොල හොය හොයා ගම වටේ යන්නේ නෑ ලංකාවේ විතරක් නෙවෙයි එළුවෝ එහෙත් ඉන්නවා එයාලා මොනාද කරන්නේ ඒකට ඔයත් ඒක කරන්න. හැම වෙලාවෙම බිස්නස් එකේ කරදර ගතිය ටික ටික අඩු කරගන්න එතකොට ඔයාට ඒකට ආස හිතෙයි හොද ගානකුත් අතට ලැබෙයි. එළුවෝ හදන අයට ගොඩාක් වරදින්න හේතුව මේක තමයි මං හිතන්නේ
V. 03
මංඥොක්කා ටිකක් අරන් කොටු වලට කපලා මොටෙයි උඩට එන්න හිටවන්න පොලොවේ සත්තු එන නිසා වටේටම අලු දාන්න මාස දෙක තුනකින් මංඥොක්කා හැදෙයි කඩවල් වලට දාන්න පොත්ත බැදලා බයිට් කඩ වලට දාන්න කොළත් විකුණන්න බෙහෙත් කඩවලටත් දාන්න එතනින් තරමක් ඔයාට ගොඩ එන්න පුළුවන් එත් වැඩේ සාර්ථකම නෑ.
VI. 04 ගෙදර කොහේ හරි කොණක එළුවලු කොටුවක් හදන්න ගේ ඉස්සරහ හරි කමක් නෑ වැඩේ පටන් ගන්න පොඩියට එකක් දෙකක් හිටවලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහය අරන් නැන්තම් සියලා මමලා තාත්තලා උදව් කරන් හොදට කරන්න සාර්ථකයි ගොවිතැන අපේ වගේ රටකට සැහේන්න හොද ආදායමක් ලබන්න පුළුවන් හොද බිස්නස් එකක් හොදටම ගොඩ යන්න නං ලංකාවට විතරක් නෙවෙයි පිටරට වෙළදපලත් අල්ලන්න ගොඩම තමා ඔබට ජය.
VII05 ගෙවල් වලට වෙලා ගේම් ගගහා විභාගෙත් කෙල ගත්තනං සැලෙන්න එපා ඔයත් ජීවිතයක් තමයි පටන් ගන්න ගෙම් ඩිසයින් ඉගෙන ගන්න ඕන ඔයාගේ පොන් එක විතරයි හොයන්න ඉගෙන ගන්න “ගෙම් ගහලා කොහොමද මාසෙට හොද ගානක් හොයන්නේ” හොයලා බලන්න යු ටියුබ් කියලා ගැජට් එකක් ඇති එකේ ගහන්න How to fine Money Playing the game, G2G හොයන්න විතරයි ඔනේ අයිඩින්ටියක් හදන් ඔයාගේ විස්තර ඇතුලත් කරන්න මාසයකට 10,000 හක් X 360 =3,600,000 වැඩේ ලේසි නෑ ගේම් ගහන්න සුපිරියටම පුළුවන්නං දැන්ම පටන් ගන්න දිගටම අම්මා තාත්තාගෙන් කකා ඉන්න පුරුදු වෙන්න එපා එහෙම කනවනං තමනුත් ඒකට වියදම් කරන්න ගෙවල් වලට වෙලා ගේම් ගගහ බැනුම් අහ අහා ඉන්නේ නැතිව අද පටන් ගන්න 2022 හරියටම ක්‍රමේ ෆලෝ කලොත් ගොඩම තමයි.
VI06 ග්‍රැෆික් ඩිසයින් කරන අපි වගේ පරයොන්ට හොදම ගොඩ යන විදිහ තමයි වෙබ් සයිට් ඩිසයින් කරන එක ටෙම්‍ප්ලේට් හදලා සයිට් වලට දලා එකෙන් සල්ලි හොයන එක CV, visiting card, Logos වෙබ් සයිට් පොස්ට් ලියන එක ස්ටුඩුයෝ වල වැඩිවන වැඩ අරන් කුලියට කරලා දෙන එක සමාන්‍ය අදායමක් ලබා ගන්න පුළුවන්.
IX. 07 ටයිපින් දන්න අයට කමිනිකේෂන් 100 ක් 200 ක් විතර වැඩ අල්ලන් කරලා දෙන එක පාසල් වල ක්ලාස් වල විශ්ව විද්‍යාල වල පිරිවෙන් වල ටියුට්,පෙපර්ස් සෙට්,බුක් මාර්ක්, ආදි ගොඩාක් වැඩ හැබැයි නිදහසක් නම් නෑ වැඩ නැති වෙලාවක් නෑ හැබැයි කොච්චර වැඩ තිබ්බත් සල්ලිත් හිතන තරම් නෑ එක තමයි මේ වෙළදපලේ හැටි සමහර කාල වලට හොදිත් නෑ බතුත් නෑ සමහර කාල හොදයි හැබැයි ඔය කොයි කාලෙත් වැඩ නං අඩු නෑ උදේ 8 ඉදලා රෑ 12,01,02,03, වෙනකම් වැඩ නම් ඉවරයක් නෑ දියුනු වෙන්න පුළුවන් මාරම ගේමක් ගහන්න ඔන සම්ජෙට් එකක් හැබැයි අමාරුවෙන් හරි ගහ ගත්තොත් ආයෙ ගැලවිල්ලක්නම් නෑ ලෙඩ වෙලා නිදියන් හිටියත් කස්ටා ගෙදරට ඇවිත් ඇද පිටින් අරන් යන්නේ ඇදුම් ඇදා හො නැතා අනිවාරයෙන්ම හොදට බිස්නස් අල්ලගන්න පුළුවන් පලවෙනි පියවරක් විදිහට වැදගත් ටයිපින් කරන කාලය තරග කාරිත්වය ගොඩාක් වැඩියි එක නිසා හැම වෙලාවෙම ගේමෙම තමා ඉන්න ඕනේ.
X. 08 පොඩියට බයිට් විකිණන රොද තියන ජංගම බයිට් කඩයක් දා ගත්තානං එකත් හොද ආදායමකට යන්න පුළුවන් බිස්නස් එකක් බාර් එකක් ලග ක්ලබ් එකක් ලග නාවාතැන් පළක් ලග පූජා භුමියක් ලග ජංගම කඩේ දා ගත්තා නං මාස 2 ක 3 ක් යද්දි අනිවා ගොඩ පස්සේ බැංකුවකට එකතු කරන් සල්ළි ටිකක් 100 හම්බුනොත් 50 ක් තමන්ගේ එදිනදා වියදම් වලට තව 50 බැංකුවට දලා ඒ බැංකුවට දාන සල්ලි වලින් ලොරියක් අරන් මාකට් එකට පළතුරු අරන් කොහෙන් හරි දානවා ඒ අදායමෙත් කොටසක් අර බැංකු පොතට දලා තව මාස දෙක තුනකින් බයිට් කඩයක් අරන් වයින් ස්ටෝස් එකක් ලග පටන් ගන්නවා පුළුවන්නං බාර් එකක්ම දාන්න මොකද ලංකාවේ කන ප්‍රමාණයට වඩා හවසකට මහන්සියට බොන සෙට් එක වැඩියි. කැවේ නැතත් උන්ට බොන්න ඕනේ කවදාවත් වැඩෙන බිස්නස් එකක් නෙවෙයි හිනියට එළවලු කඩයකුත් දා ගත්තා නං අයි ඉතින් මාසයකට කොටියකට වඩා හොයතැහැකි.
XI. 09 වාහන තියන අය පුළුවන් එළවලු ටිකක් පලතුරු ටිකක් අත්‍යවශ්‍යය භාන්ඩ අරන් ගෙනිහින් කඩවලට දාන්න ලොරියක් තියනවනං ඔන් පට්ටම තමයි. හොදම හොද සේවාවක් දුන්නොත් හොද ආධායමකට යන්න පුළුවන් බිස්නස් එකක් හයර් කරලා කියක් හරි හොයා ගන්න ත්‍රීවිල් අය්යලා මල්ලිලා අමතක කරලම බෑ මාරම මාර චාටර් එකක් කලා ලොකුම ලොකු සේවයක් කරන්නේ උන් තමයි ත්‍රීවිල් වලින් හම්බ කරන් බොන්න පුරුදු වෙන්න එපා ගෙදර දෙන්නයි බොන්නයි ගත්තොත් මේ අවුරුද්දත් උඔට කිසිම ගෝ එකක් නෑ පික් මී වගේ සර්විස් එකකට වාහනේ දාන්න නැත්නම් ත්‍රී විල් ආදායමෙත් කොටසක් බැංකුවට දලා එකතු කරලා බයික් එකක් අරගන්න එකෙන් ඩිලිවරි සර්විස් එකක් පටන් ගන්න තමන්ගෙම කියලා බ්‍රෝකර් වැඩත් කරන්න. ඒ එන සල්ලිවලිනුත් කොටසක් බැංකුවට දාන්න දැන් තියන ණය සේරම ගෙවන්න. ආයෙත් හොයන්න පටන් ගන්න. දැන් ඔයාට ත්‍රීවිල් එකකුයි බයික් එකකුයි වාහන දෙකක්ම තියනවා දැන් බැංකුවෙන් ලෝන් කැල්ලක් දා ගන්න පුළුවන් ගන්න ලොරියක් අල්ලගන්න කොහෙන් හරි අඩුවට ගෘහ භාණ්ඩ ගෙන්නන තැනක් ත්‍රිවිල් එක දෙන්න කාට හරි හයර් දුවන්න ඒ සල්ලිවල ඔයාට පුළුවන් බොන්න. තහනමක් නෑ. බයික් එකයි ලොරියයි අරන් ඩිලිවරියයි ගෘහ භාණ්ඩ වෙළදාමයි සරුවටම කරන්න අනිත් ඔක්කොට අයින් කරලා ඒ දෙකට විතරක් අවධානය දෙන්න එකෙන් එන ආධායමෙන් ඉස්සෙල්ලාම බැංකුවේ ණය ගෙවන්න දැන් ඔයා නිදහස් දැන් ත්‍රීවිල් එකෙනුත් ගානක් එනවා ඕකේ දැන් ගමු ඊලග එක ලොරියෙන් බයික් එකෙන් එන ආධායමෙන් ටවුන් එකක කඩයක් ගන්න අරන් වාහන දෙකත් එකට දලා එ් කඩේ ඩිලිවරි භාණ්ඩ ගෘහ භාණ්ඩ තව පොඩි පොඩි අයිටම් ගොඩාක් දලා පුරවන්න හොද ප්‍රචාරයක් දෙන්න ඔන්න දැන් හරි දැන්නං බැංකු 7 ක 8 දාන්න සල්ලි ඔයාට ත්‍රී වීල් බ්‍රෝ දැන් මොකද කරන්නේ ? ඔයාගේ මෙතෙක් තිබිච්ච ඔක්කොට කරදර ප්‍රශ්න වලට නැවතීමේ . ඔයා දැන් තියලා තියෙන්නේ ඔන්න දැන් ඔයා හොදම හොද පොරක්. සාර්ථකමක ක්‍රමයක් ත්‍රීවිල් බ්‍රෝ ලා ට්‍රයි කරලා බලන්න.
XII. ගැහැණු ළමයි සැලෝන් කෝස් එකක් කරන්න මොකද අද වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේම සර්ච් කරලා බැලුවොත් කෑම කඩවලට වඩා තියෙන්නේ සැලෝන් මේ ගෑණු ළමයින්ගේ ඉදන් වයසක අයට යනකන් හැඩ වැඩ දාන්නේ මේ සැලෝන් නංගිලා අක්කලා ඇන්ටිලා කරන ලොකු සේවාවෙන් හොද ගාණක් හම්බෙනවා මාසකටය මං හිතන්නේ 50,000 දාහක් විතර ඇතිනේ නේද අවුරුද්දට 18,250,000 වාගේ ගානක් එනවා මේ සැලෝන් කියන වෘත්තියෙන් හැබැයි දැනගෙන කරන්න ඔනේ නැත්නං යන්න වෙන්නේ පොලීසි උසාවි ගානේ. තව ඉතින් පොඩි පොඩි වැඩ යනවා ඒ වලිනුත් ඉන්කම් එක හම්බෙනවා ඒවා ඉතින් මං කියයන්න ඕනේ නෑ කියලා මං හිතනවා. ඒක ස්වාභාවික දෙයක්
XIII. ගෙවල් වලට වෙලා ළමයි බලන් ඉන්න අයට වගේ පත්තර ගෙන්න ගෙන බැලුවානං ඒවල තියනවා ඕන තරම් ගෙවල් වලට වෙලා කරන්න රැකියාවල් ටයිප් සෙටින් දන්න අයට ටයිප් කරලා මාසයට ගානක් හොයා ගන්න පුළුවන් මල් වලින් ගාණක් හොයා ගන්න පුළුවන් කඩවලට කෑම දලා ගාණක් හොයා ගන්න පුළුවන් ලියම් කවර සබන් බල්ප් සර්කීට් එහෙම නැත්නම් පන්තියක් ඇදුම් විකුණන්න තොග මිලට අරන් සිල්ළරට විකුණනවා කරවල පැකට් කරලා කඩවලට දාන්න සැන්ටයිසර් හදන්න හදලා කඩවලට රෙදි වලින් ප්‍රමිතියට මාක්ස් මහලා කඩවලට දාන්න මේ වගේ ගොඩාක් වැඩ ගෙවල් වලට වෙලා ළමයි එක්ක ජීවත් වෙන අපේ අක්කලාට නංගිලා නැන්දලාට කරන්න පුළුවන්
XIV. වසයක වැඩිහිටි (හිටියා වැඩි සෙට් එකට) දැන් නං මේ ගොඩට අපිත් ඇතුලත් වේගෙන යන්නේ මම නං හිතන්නේ මේ අයට සල්ලි හොයන්න හොදම විදිහ තමයි ගෙවල් වලට වෙලා හදහන් බලන හැටි හරියට ඉගෙන ගෙන ජොතිෂ්‍ය කාර්යාලයක් දාගන්න එක මොකද අපි කවුරුත් මොන මොන ලොකු ටොක්ස් දැම්මත් බදින්න කලින් හැමෝම වගේ හදහන බලන ජාතියක් බැන්දට පස්සේ ළමයි ඉදීද නැතිවෙයිද කියලා ශුවර් එකක් නෑ එකනේ මේ හදහන් පස්සේ දුවන්නේ ගැහැණු පිරිමි දෙගොල්ලොම කරන හැම මගුලම කරලා හදහන බලනවා මොකටවත් නෙවෙයි ළමයි හම්බෙයිද කියලා ආන්න ඒ වගේ ගොන් කරන්ත අවුරුදු වෙනස් උනත් මිනිස්සු වෙනස් වෙන්නේ නෑනේ අන්න ඒ මිනිස්සු වෙනස් නොවෙනකං ජොතිෂ්‍ය කාරයන්ට සොරි වෙලාවල් බලන මහත්තුරුන්ට ඇති පදන් වැඩ වැඩි හිටි කාලේ දෙයියනේ කියලා දෙවියන්වත් රවට්ටගෙන කලා බිලා ඉන්න හොද බිස්නස් එකක් තව දාන්න පුළුවන් ආයුර්වේද බෙහෙත් දෙන තැනක් තමන්ගේ නමින් පැණියක් හදනවා දෙවියෙක් දානවා අහවලා හීනේන් ඇවිත් නැත්නම් හැබැහින් ඇවිත් නැත්නම් ප්‍රසිද්ධ චරියක් පොරක් මේක පාවිච්චි කරා කියලා පෙන්නුවනං ඇති පාරට දාන තාර වලින් ගුලි හදලා දුන්නත් අපේ අය අරන් බොනවා හැබැයි ගෙදර නං කරන්න යන්න එපා කොහේ හරි බස් හොල්ට් එකක් සෙනග ගැවසෙන තැනක පොඩි පොස්ටර් කැල්ලක් දා ගත්තා නං අන්න මාකට් සාමාන්‍ය ආධායමක් ලබා ගන්න පුළුවන්. නැත්නම් දාන්න මගුක් කපුකම් කරන මධ්‍යාස්ථානයක් හැබැයි මේකනං දැන් ටිකන් පාඩුවෙන් දුවන්නේ මොකද “දැන් කොල්ලෝ කෙල්ලේ මගුල් හොයන්නේ මංගල ජය කියන විදිහට ඔය එස්.එම්.එස් ඉන්ටර්නෙට් ෆෙස්බුක් වලින්” මගුල් කපුවා ලගට එන්නේ
“....තේරිලා තේරිලා මොකෙක්වත් බලන්නේ නැති ලොන්තපූස් ගැණුයි අඥ්ඥකෝරොස් පිරිමියි පාපග් ග්‍රහයෝ පිරිලා....”
ඉතින් ඒ එන හැට පිරුණ නාකි ගැණුන්ට 18,20 කෙල්ලෝ කොල්ලෝ ජොඩු කරන එක තමයි අද මගුල් කපුවාගේ රස්සාව අවධානම ගොඩාක් වැඩියි වියදම් සැරයි අදායම එන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්
XV. දැන් කාලය ගොඩාක් වෙනස් නේ ඉතින් අපි ආච්චිලාව අමතක කරන්නේත් නෑ අපි සමහර වෙලාටව බනිනෙත් තො..... අචිචිට කියලනේ ඉතින් එහෙව් ආච්චිලාව අමතක කරලා කොහොමද නේද ආච්චිලාට සල්ලි ටිකක් හොයාගෙන දරු මුණුබුරෝ මිණිබිරිලත් එක්ක සතුටින් ඉන්න හොදම මාධ්‍ය තමයි ඔය ළමයි අරන් දුන්න පොන් එකෙන් Tik tok විඩියෝ හදලා හොද දෙවල් මේ දැන් ඉන්න පරපුරට මුදලට කියලා දෙන එක එක්කෙනෙක් කලොත් අනිත් ඔක්කොම කරයි එතකොට එතන හොද වෙලද පොළක් නිර්මාණය වෙලා සමහර විට ලක්ෂ ගණන් හොයන්න පුළුවන් වෙයි. කඩයප්පන් හදලා කඩවලට දාන එක ඒ ආධායමෙන් සතියක් පන්සල් ගිහින් බණ ටිකක් අහලා ටේප් කරන් ගෙදර ඇවිත් ඒ බණට තව කරුණු එකතු කරලා ලස්සන බණ පොතක් හදලා කඩවලට දැම්මානං පොත විකිණෙන ගානේ 75000 දාහක් විතර ආච්චිලාට හොයාගන්න පුළුවන් පේස්බුක් අකවුන්ට් වලින් කොල්ලෝ එක්ක චැට් කර කර ඉන්න ආච්චිලාට හොදයි කොල්ලෝ ගැන ගොඩාක් දන්නේ ආච්චිලානේ ඒ දැනුම අපිට ගොඩාක් වැදගත් ඉතින් සයිට් එකක් හදලා එකට දන්න හැම දෙයක්ම දලා ඔයාට සයිට් එකක් හදන්න දන්නේ නැත්නම් ඒවා හදන තැනකින් හදන් පොස්ට් එකේ ලින්ක් එක අර කොල්ලන්ට සල්ලිවලට විකුණනවා එතකොට ඒ ඒ ප්‍රශ්න තියන අය මේ ආච්චිගේ සයිට් එකට ඇවිත් සල්ලිදිලා ඒක ගන්නවා. ඒකත් හොද වෙළද ක්‍රමයක් කරනවනං මොකද සමහර ලෙඩ වලට කෙල්ලෙක් සෙට් කරගන්න විදිහ කෑම හදන විදිහ ගොඩාක් දේවල් මේ ආච්චිලා දන්නවා මොකද ආච්චිලා වයසට ගිහින් තියෙන්නේ අකලට නෙවෙයි ඔය හැම ජවුසමකමක්ම නටලා හොදමට පදන් උන එක්ස්ප්‍රීරියනස් එකක් මේ ආච්චිලාට තියනවා ඉතින් 18,20 කෙල්ලන්ගේ පොටෝ ප්‍රොෆයිල් වලට දාන් වත හිදිලා පිස්සු නටන ආච්චිලාට එයාලා දන්න ඒ වගේ ගොඩාක් කරුණු අපි වගේ අහින්සන අසරණ මල් කැකුළු වගේ ළමයින්ට මුදලට සයිට් එකක් හරහා හෝ සමාජ ජාලා හරහා බෙදලා දෙන එක ලොකු පිණක් නේ නේද යන තැනකට පින් නේ ඕනේ. සල්ලි වැඩක් නැනේ ඒ හම්බෙන මුදලෙන් පංසල් වලට වැඩිහිටි නිවාස වලට ළමා නිවාස වලට පිහිට වෙලා යනතැනකට වැඩක් කරගන්නත් මේ ආච්චිලාට පුළුවන්.
XVI. බොන කට්ටියට ගිය අවුරුදු වල මාර බීමක්නේ බිව්වේ ඇති වුනාද නෑ බොතල් ගොඩ ඇයි බයිට් බයිට් නැතිව නිකන් බොන්නෙත් නෑනේ අපි ශරීරයට විසයි කිව්වොත් ඒක අරගෙන වැඩියෙන් බොනවා බොන එක නතර කරන්න කියලා එක එකා වැල් බයිලා නං ගහනවා ඒත් ඒ මිනිස්සුන්ට තියන ප්‍රශ්න උන් දන්නේ නෑනේ හැබැයි අපි කථා කරන්නේ හවසට හවසට දාන පොඩි ඩ්‍රීන්ක් එකෙනුත් කොහොමද දියුණු වෙන්නේ කියලා ගිය අවුරුදු වල බීලා එකතු වෙච්ච සේරම බොතල් ටික යකඩ බඩු කාරයෙක්ට නෙවෙයි බොතල් ගන්න මුදල් වැඩිය හොයන්න පුළුවන් තැනක් හොයලා දෙනවා. හොද ගාණක් හම්බෙයි දැන් ඔයා මේ සබ්ජෙට් එකේ හොද අද්දැකීම් තියනවා මේ වෙනකොට දැන් ඔයාට පුළුවන් මුලින්ම බීම නවතන්න වෙන මොකකට හරි ඇබ්බැහි වෙලා බීම නවත්තන්න තිතම තියන්න සල්ලි හොයන්න ඇබ්බැහි වෙන්න බොන අපි කොහොමද සල්ලි හොයන්නේ ඔන්න ප්‍රශ්නේ මෙන්න උත්තරේ
අර කලින් හම්බෙච්ච සල්ලි වලින් ඔයාට පුළුවන් වාහනයක් අරන් හයර් කරන්න ඔයා හොද බෙ බේ... කෙනෙක් නං දැන් වෙනකොට ඔයාලගේ එක එක වර්ගේ බොතල් කලේක්ෂන් එකක්ම තියෙන්න ඕනේ සේරම අර විදිහට විකුණන්න. ඔයා ළගදි වගේ බොන්න ගත්ත කෙනෙක්නං ඔයාලග වැඩිය බෝතල් නෑ එතකොට අර යාලුවන්ගේ ගෙවල් වල තියන බොතල් හැම තැනම තියන බොතල් අර විදිහට විකුණනන්න දැන් හොද ගාණක් අතට එනවා බැංකුවට දාන්න එකේ පොළියෙන් ජීවත් වෙන්න එතකොට මිනිස්සු කියයි මුලින්නං ඕකා හේන..... බේබද්දා දැන් නං ගෑනී ගෙනාපු නිසා හැදිලා කියලා අනිවාරයෙන් ඕක කියනවා.
XVII. යාළුවන්ට මොබයිල් ෆෝන්, සෙටප්, ටැබ්, පරිගණක, ලැප්ටොප්, පෙන්, චිප්, ප්‍රින්ටර්ස්, ඩොංගල්, හෙඩ්සෙට්, සී.ඩී ගේම් පීස්, වාහන කෑලී ගෙවල් වල අයින් කරන බඩු, පොටෝ අරන් පේස්බුක්, වේබ්සයිට්, වලට අඩු ගණන් වලට දාන්න ගොඩාක් අය ඉන්න නිසා 1 ක් 2 හරි යයි. අන්තර්ජාලයේ හෝ පිට බෙදා හරින්න හොද ගානක් හම්බෙයි ඒ වලින් තව බඩු ගන්න තොග මිලට අරන් සිල්ලරට විකුණන්න. දැන් තවත් සල්ලි හම්බෙයි ලොරියක් ගන්න. තමන්ගෙම නමකින් ඊබේ ඉක්මන් ඩොට් එල් කේ වගේ ලොකු සයිට් එකක් ලියාපදිචි කරලා පටන් ගන්න ටික කාලයක් යනකොට හොද ප්‍රචාරයක් දීලා බිස්නස් එක හොදටම නග්ගලා ගන්න. ඔබට ජය.
XVIII. වාහන හදන අයට සාමාන්‍ය අදායමක් එනවා ඒත් කිසි ගෝ එකක් නෑ මොකද කරන්නේ සයින් කට් මැෂින් එකක් අරන් වාහන වලට ස්ටීකර් කපලා ගහන්න ගන්න වාහන හදන ගමන් ඒකත් කරන්න ඔයා දන්නේ නැත්නම් දන්න කෙනෙක් අරන් කරන්න සෑහෙන්න හොද ආදායමක් ලබා ගන්න පුළුවන් බිස්නස් එකක් තමයි එක විශ්වාසයෙන් කියන්නේ මොකද මාත් කරන නිසා මාසකට හරියට කරොත් 80.000 දාහකට වඩා හොයතැහැකි මොඩිෆයි කරන දෙවලුත් ඇඩ් කරන්න කඩේට හොද නමක් දෙන්න. අලුත් දෙවල් කරන්න කරන්නං වාලේ කරන්න එපා ස්ටීකර් කඩේ වැඩ කරන්න ගැහැණු ළමයි ගන්න ඒක ගොඩාක් අය කරන වැඩක් මං හේතුව කියන්නේ නෑ. කරද්දි ඔයාටම තේරෙයි. ඒ සල්ලි වලින් ඉඩමක් අරන් කැබලි කරලා විකුණන්න හොද අදායමක් හම්බෙයි ජීවත් වෙන්න.
XIX. මුකුත්ම වැඩක් බෑ කියලා නිකන් ඉන්න අය ඉන්නවා නේද එයලට පුළුවන් කාගේ හරි ලග මොකක් හරි කෝස් එකක් කරලා වැඩ කරන්න. කෝස් කරන්නත් සල්ලි නැත්නම් කාගෙන් හරි විශ්වාස කෙනෙක්ගෙන ඉල්ල ගන්න. විශ්වාස කෙනෙකුත් නැත්නම් ටික කාලයක් ඔයා දන්නේ නැති ඔයාව අදුරන්නේ නැති පැත්තකට ගිහින් යාචක වෙළදාමේ නිරත වෙන්න හැබැයි එකත් ටිකක් අමාරුයි මොකද දැන් ඉන්න හැම යාචකයටම මුදලාළියෙක් ඉන්නවා ඉතින් බොහොම පරිස්සමේන් ඒ වගේ කෙනෙක් හොයන් එයත් එක්ක කථා කරලා එකග තාවයට ඇවිත් ඔයාගෙ ගානෙන් කොටසක් එයාටත් දීලා වැඩේ කරන් යන්න. ඒකත් අමාරුනං දන්නවනේ ගස්වල හැදෙන බෙලී බෙලිගෙඩියක් අරන් එකේ ලාටු ඇගේ ගාන් බොරු ලෙඩක් පෙන්නලා පීන්කම් කරන තැන් වල ගිහින් ඉන්න කකුක නවලා බෙලි ගාගෙන කකුල කැඩුනා බස් එකෙන් වැටුනා මොකක්හරි බොරුවක් දාන්න වැඩේ සාර්ථකයි හැබැයි වරද්ද ගන්න එපා තව මේ වගේ ගොඩාක් ක්‍රම තියනවා මිනිස්සු අන්දන ඒවාට කියන්නේ සිස්ටම් කියලා ඒ ක්‍රම මේ සබ්ජේට් එකට වැටුනාම නිකම්ම පුරුදු වෙන්න පුළුවන් මුකුත්ම දන්නේ නැත්නම් මේකෙන් පොඩි ගාණක් හොයන් බැංකු පොතක් හදන් දිගටම දාන්න මාසයට කොටී 2 3 හොයන අය ලංකාවේ ඉන්නවා. වාහනෙන් ඇවිත් බැංකුවට සල්ලි දාන්නේ හරියට කම්පැණියක අයිතිකාරයෝ වගේ මැනේජර්ලා වගේ ජොබ් එක නං වැරදිලාවත් කියන්න එපා. ඒක යාචක නීතියක් තදින්ම ක්‍රියාත්මක වන මේක නෙට්වර්ක් එකක් කිව්වොත් නිවැරදි කිසිම කෙනෙක් පාවලා දෙන්න බාල්දු කරන්න ඔට්ටු නෑ. පටන් ගන්න මුකුත්ම දන්නේ නැත්නම් මේකත් ගොඩ යන්න අති සාර්ථක ක්‍රමයක්.
XX. මේ ලොකේ අපි ජීවත් වන ජීවිතය මහ මුහුදක් කියලා ගත්තොත් පේන පැත්තට වඩා අදුරු පැත්ත ගොඩාක් වැඩියි ඉතින් ඒ අදුරු පැත්තේ A,Z පීනපු අයට ගොඩාක් දැනුම තියනවා මේ සමාජේ ගැන ඉතින් මං මෙහෙමයි මෙහෙමයි කියන්නේ නෑ එක එක වෘත්තීන් තියනවා එවා අපි කියනවා ෂොට් කට් කියලා කොටී ප්‍රකොටී ගනන් හම්බ කරන්න පුළුවන් හැබැයි දෙයක් කියන්නං එවට කෙටියෙන්ම කියනවනං ඒවා පවුකාර සල්ලි ගොඩාක්ම ප්‍රසිද්ධම ජාවාරම් කියන ඒවා බොහෝමයක් සිද්ද වෙන්නේ මහා පාරිමාණෙන්. මේවා තියෙන්නේ කන්ටේනර් ගනන් ගෙන්නනවා ඉන්දියාව වගේ රටවලට ඒ ඒ අදාල ස්ථාන වලට බෙදනවා කෙනෙකුගේ වේදනාවක් තව කෙනෙකුට මුදලක් හොයන මාර්ගයක් මං මේක දැකලා තියනවා මේවාට කියන්නේ පවුකාර සල්ලි කියලා. තව දැන් නං වද කරගෙන යන්නේ ඒත් එහෙම වද කරන්න බෑ අපි පුලුවන් තරම් බේරිලා ඉන්න හිතුවොත් හරි වැඩක් පලක් කරන්න පුළුවන් ගොඩාක් මිනිස්සු හොද 6 යේ 4 රේ පොරවල් තමයි මේවට ගන්නේ පණනැති පගර නැට්ටෝ ගන්නේ නෑ
මං කියන්නේ මෙච්චරයි
පවට බර වෙන්නේ නැති ව ලැබුවා වූ නව වසරේවත් ධාර්මිකව ධනය උපයන්න හිතට ගන්න.
ඒකේන භෝගේ භුංජෙයිය
ද්වි කම්මං පයෝජයේ
චතුත්තංච නිදා පෙයිය
අපදාසු බවිස්සසති.
එක් කොටසක් පරිභෝජනය සදහා, කොටස් දෙකක් ප්‍රයෝජනයට, හතර වෙනි කොටස නිදන් කරන්න, අපදාවකදි ප්‍රයෝජනයට ගන්න.
සරලවම කියනවනං ඔයා හම්බකරන හොයන දනය මුදල එක කොටසක් ලියුම් කවරයකට දලා එකතු කරන්න එක ආහාර ඇදුම් පැළදුම් තවත් ලියුම් කවරයකට එදිනෙදා පවිච්චියට බස් ගාස්තු වලට පෝන් කාර්ඩ් වලට ගන්න මුදල් දාන්න තුන් වෙනියට ලියුම් කවරයක් නෙවෙයි මං නං කියන්නේ බැංකුවට දාන්න මොකද අන්තිම ඔය හැම එකෙන්ම අපදාවකට කොරොනා වගේ සීන් එකකට ඉතුරු වෙන්නේ ඒක නිසා.



0 Comments