ඔයාට කියලා ව්‍යාපාරයක් පටන් අරන් කරගෙන යද්දි බලන්න ඔනේ වැදගත්ම කාරණා මොනවාද ?
1. අපි මොනවා හරි ව්‍යාපාරයක් පටන් ගන්න කලින් බලන්න ඔනේ ඒ අදාල ව්‍යාපාරය ලාභ මෙන්ම පාඩුත් ඇතිවනවා ඒ නිසා පාඩුවක් අවස්ථාවේදී එම ව්‍යාපාරය දිගටම ඇදගෙන යන්න ඔයා ලග ව්‍යාපාරයට යෙදවීමට අමතරව කියක් හරි වැඩිපුර එකතු කරලා තියනවද කියලා.
2. ව්‍යාපරය ආරම්භ කරන තැන එම අදාළ ව්‍යාපාරයට සුදුසුද නැද්ද යන වග.
3. එහි නීතිමය පැත්ත ගැන සැලකිල්ලක් දැක්විය යුතුයි.
4. එම ගොඩ නැගිල්ලේ සවි ශත්තිය, නිරවුල් බව, වටපිටාව, තමන්ට කරදයක් නොවන අන්දමේ බැලන්ස් කරන් නිදහසේ ව්‍යාපාරය කෙරීමේ හැකියාව.
5. මාසික වාරිකය ආමාරුවක් නොමැතිව ගෙවීමට බිල් ගෙවීමට ඔබ විසින් අමතර ආධායම් මාර්ගයක් සකසා තීබිම.
6. සේවකයන් සදහා පඩි නඩි වෙලාවට ගෙවීම.
7. තමන්ගේ සේවකයින් සමග නිතරම සුහදශිලීව කටයුතු කිරීම. කිසිම විදිහකින් ඔවුනට ආයතනය පිළිබද, ව්‍යාපාරය පිළිබද වෛරයක් ඇති නොවන අයුරින් ඔවුන්ගේ එකාකාරී භාවය එක් දවසකට හෝ තුරන් කිරීමට ඔවුන් සමග ආයතනයේ පිට ගමන් කිරීමට කටයුතු කිරීම.
8. තමන්ගේ පෞද්ගලික ජීවිත කිසිම විදිහකින් ව්‍යාපාරය ඇදෑ නොගැනීම. ගෙදර ප්‍රශ්න ගෙදර විසදා ගැනීම ව්‍යාපාරයේ ප්‍රශ්න ආයතනය තුළ පමණක් පවතින අයුරුන් කටයුතු කිරීම. (ගෙරද ප්‍රශ්න ව්‍යාපාරයට ගෙන්න බෑ ව්‍යාපාරයේ ප්‍රශ්න ගෙදරට ගෙනියන්න බෑ)
9. තමන් කොච්චර කරද වල සිටියත් බේබද්දෙක් වුනත් සල්ලාලයෙක් උනත් හොරෙක් උනත් මොනම විදිහක හෝ දුර්වලතාවයකින් පෙලෙන කෙනෙක් උනත් ව්‍යාපාරයේ හෝ තමාගේ ආයතනය තුළ ගෞරවයක් අනෙකුත් සේවකයින්ට ගෞරවයක් ඇති වන ලෙස කටයුුතු කිරීම.
10. තමාගේ ව්‍යාපාරය සුදුසු නැති පුද්ගලයින් (කාන්තා හෝ පිරිමි) ඕනෑම කෙනෙක් දවසක් වත් තියා නොගෙන පඩි ගෙවා හෝ නොගෙවා ආයතනයෙන් හෝ ව්‍යාපාරයෙන් අස් කිරීම ඉවත් කිරීම.
ඔබගේ ආයතනයේ කිසියම් ගැටලුවක් ඇතිනම්
වහාම අප පහත අංකයෙන් අමතා උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම.
077 – 944 78 94


0 Comments